ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම 2020 වසරේදී පැමිණිලි 312 කට අදාළව කටයුතු කර ඇත. පුවත්පත්වල කර්තෘවරුන් වෙත පසුගිය 2020 වසරේදී සෘජුවම ලැබුණු පැමිණිලි 207 ක් සහ පැමිණිලිකරුවන්ගෙන් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම වෙත සෘජුවම ලැබුණු පැමිණිලි 76 ක් සම්බන්ධයෙන් පසුගිය වසරේදී කටයුතු කර ඇත. එමෙන්ම පසුගිය වසරේදී කර්තෘ සංසද වෘත්තීය ප්‍රතිපත්ති මාලාව උල්ලංගනය කළ අවස්ථා
ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම 2020 වසරේදී පැමිණිලි 312 කට අදාළව කටයුතු කර ඇත. පුවත්පත්වල කර්තෘවරුන් වෙත පසුගිය 2020 වසරේදී සෘජුවම ලැබුණු පැමිණිලි 207 ක් සහ පැමිණිලිකරුවන්ගෙන් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම වෙත සෘජුවම ලැබුණු පැමිණිලි 76 ක් සම්බන්ධයෙන් පසුගිය වසරේදී කටයුතු කර ඇත. එමෙන්ම පසුගිය වසරේදී කර්තෘ සංසද වෘත්තීය ප්‍රතිපත්ති මාලාව උල්ලංගනය කළ අවස්ථා 29 ක් පැමිණිලි කොමිසම විසින් නිරීක්ෂණය කර තිබේ.
1995 අංක 11 දරණ බේරුම්කරණ පනත යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම කර්තෘ සංසද වෘත්තීය ප්‍රතිපත්ති (ආචාරධර්ම) මත පදනම්ව ස්වයං නියාමනය ප්‍රවර්ධනය කිරීමත් සමථකරණය, මැදිහත්කරණය, සහ බේරුම්කරණය යටතේ පැමිණිලි විසදීමත් සිදු කරයි.
සාමාජිකයන් 11 කගෙන් සමන්විත ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ආරවුල් නිරාකරණ මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ ජනමාධ්‍ය නොවන සාමාජිකයන් 06 දෙනාගෙන් කෙනෙක් වන නීතීඥවරයෙකි. අනෙකුත් සාමාජිකයන් 05 දෙනා ජනමාධ්‍යවේදීහු වෙති. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ලේකම් කාර්යාලය ආරවුල් නිරාකරණ මණ්ඩලයත් සමග පසුගිය පෙබරවාරි 10 දින බදාදා මුනගැසිණ.
ඡායාරූපයේ ඉදිරි පෙළ වම් පස සිට පී. බාලසිංහම් මහතා, රජිතා වීරකෝන් මහත්මිය, ඥානා මුණසිංහ මහත්මිය, සභාපති නිහාල් සෙනවිරත්න මහතා, සිරි රණසිංහ මහතා, දයා ලංකාපුර මහතා, පසු පෙළ වම් පස සිට ජාවිඩ් යූසුෆ් මහතා,ලුසිල් විජේවර්ධන මහතා, ඩයන් ස්කූර්මන් මහතා, ප්‍රමෝද් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරී සුකුමාර් රොක්වුඩ් සහ පැමිණිලි නිලධාරී කමල් ලියනආරච්චි මහත්වරු ද ඡායාරූපයේ වෙති.
1 comment
1 Comment
Callum Beg
September 16, 2024, 11:58 amThis was a very good post. Check out my web page <a href="http://www.oldtimer.ru/bitrix/rk.php?goto=http://uq5.de/flyingstar/flughafentransfer-frankfurt-mainz">UQ5</a> for additional views concerning about Airport Transfer.
REPLY